May 18, 2024

බදුල්ලේ සිදුකළ විශ්මිත පිළිකා සැත්කමේ වීඩියෝව (VIDEO)

ගුද මාර්ගයේ සිට අක්මාව දෙසට පැතිර ගිය පිළිකාවක් කැමරා ආධාරයෙන් නිරීක්ෂණය කොට සෙන්ටිමීටර් 04 ක කැපුමක් පමණක් යොදා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබේ.

අවස්ථා දෙකකදී සිදුකළ යුතු සැත්කමක් මෙලෙස එක් වරකින් අවසන් කිරීමට ලැබීම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලද සුවිසල් ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසයි.

මෙම පිළිකාව අවස්ථා දෙකකදී ඉවත් කළේ නම් අඩි එකහමාරක පමණ කැපුම් රෝගීයාගේ සිරුරේ යෙදීමට අවශ්‍ය වන අතර නවීන තාක්ෂණය යොදා ගනිමින් එක් වරකින් සිදුකළ මෙම සැත්කම හේතුවෙන් රුධිර වහනයද අවම වූ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කොට ඇත.

මෙම සැත්කම සිදුකළ අයුරු දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)