May 18, 2024

මාධ්‍යවේදී ඝාතකයින්ට දඬුවම් නොකරන රටවල් අතර ශ්‍රීලංකාවට 6 වැනි තැන

මාධ්‍යවේදීන්ගේ ඝාතන ගැන සොයා බලා ඔවුන්ගේ ඝාතකයන්ට දඬුවම් නොපමුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව 06 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

2014 වසරේ දී එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ පසු විය.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ සමුළුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන වාර්තාව ‘Global Impunity Index’’ මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

සෝමාලියාව, ඉරාකය, සිරියාව, පිලිපීනය හා දකුණු සුඩානය එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රටවල් ය.

මෙම තත්ත්වය යහපත් කරුණක් ලෙස පෙනෙන්නට ඇති බව ද සඳහන් කරන එකී වාර්තාව මෑත දී බලයට පත් වූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ වත්මන් රජය පසුගිය වසර 30 කාලයේ දී මාධ්‍යවේදීන් ඝාතනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගත් ක්‍රියාමාර්ග එම දර්ශකයේ ස්ථාන දෙකක් පසු බැසීමට හේතුව බව පෙන්වා දෙයි.

තව ද එම වාර්තාව මගින් වත්මන් රජය ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 October 2015 09:07