May 18, 2024

මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජනපතිගෙන් උපදෙසක්

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ දී මින් ඉදිරියට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හඳුනා ගැනීමට හැකි සලකුණු සහිතව මුද්‍රණය කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී තිබේ.

මහ බැංකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දැනට වසර 04 ක පමණ කාලයක සිට නිකුත් කරන මුදල් නෝට්ටුවල දෘශ්‍යාබාධිතයින්ට හඳුනා ගැනීමට සලකුණු නොමැති බැවින් තමන් මහත් අපහසුතාවයකට පත්වන බව දෘශ්‍යාබාධිත උපාධිධාරි සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා මහ බැංකුවට මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Rate this item
(0 votes)