May 02, 2024

ගැබිනි මාතාවන්ගේ පෝෂණ වැඩසටහනට තවත් මිලියන 1500 ක්

ගර්භනී මාතාවන්ට රුපියල් 20,000 ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනට තවත් රුපියල් මිලියන 1500 ක ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තිබේ.

මෙම වැඩ සටහන පසුගිය දින 100 යටතේ සාර්ථකව නිම කර ඇත. රුපියල් 2000 ක් වටිනා මෙම පෝෂණ මල්ල මාසිකව ගර්භනී සමයේ මාස 06 ක් සහ දරුවා ඉපදීමෙන් පසු මාස 04 ක් දක්වා ලබා දීමට කටයුතු යොදා ඇත.

සියලු දිස්ත්‍රික් ආවරණයවන පරිදි මව්වරුන් 400,000 ක් ඉලක්ක කරගෙන මෙම වැඩ සටහන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අධීක්ෂණයෙන් සිදු වේ. 

ජුනි මාසය වන විට 113,249 ක් මව්වරු මෙම වැඩසටහනට සහභාගී වී ඇත.  

මෙම රුපියල් මිලියන 1500 ක මුදල ඉදිරියේ දී ක්‍රමවත්ව මෙම පෝෂණ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට යොදවන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.

 

Rate this item
(1 Vote)