May 02, 2024

අගමැතිගේ ජපාන සංචාරය 03 වැනි දා

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතාගේ ආරාධනයක් මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05 දින නිල සංචාරයක් සඳහා එළැඹෙන 03 වැනි දා ජපානය බලා පිටත් ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවයා ජපානයේ කියෝතෝ නුවර පැවැත්වෙන විද්‍යා සහ තාක්ෂණ සංගම් වාර්ෂික සැසිවාරයේ ආරම්භක උත්සවය අමතා විශේෂ දේශනයක් ද පැවත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 October 2015 17:17