May 02, 2024

විජිත හේරත්ගේ පත්වීම අහෝසි නොකළොත් නඩු දානවා - ගම්මන්පිල

ව්‍යවස්ථාදායක සභාව තෝරාගත් නියෝජිතයන් අතර සිටින විජිත හේරත් මහතාගේ පත්වීම වහා අහෝසි කරන්නැයිද එසේ නොකළොත් කථානායකට හා ජනපතිට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (01) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

අගමැතිවරයා හා විරුද්ධ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද ඉවත් කර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කැමැති අයකු ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසී ය.

 

Rate this item
(1 Vote)