May 02, 2024

යතුරු පැදිය යටකර ලොරිය පළා යයි - දෙදෙනෙක් මරුට (PHOTOS)

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ 282 වෙනි කණුව හිරිපිටිය ප්‍රදේශයේ දි අද (01) අලුයම 02.00ට පමණ යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරට පත් කර ලොරියක්  පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා මරණයට පත් ව තිබේ.

මෙම අනතුරින් මරණයට පත් ව ඇත්තේ 02 කණුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කේ.බි. නිශාන්ත ධම්මික නැමති අය හා නුගගහකිවුල පදිංචි එම්. කුමාරදාස නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.

ශාන්ති කර්ම සිදු කරන ගුරුන්නාසේ කෙනෙකු හා ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට ලබාදෙන ආයතනයක හිමිකරුවෙක් මෙලෙස මියගොස් ඇත. 

ඊයේ (30) රාත්‍රී ශාන්ති කර්මයක් සිදු කර පසුව නිවස බලා එමින් සිටිය දි මෙම අනතුර සිදු ව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

අනතුර සිදු කර ප්‍රෙදේශයේන් පළා ගොස් ඇත්තේ ලොරි රථයක් බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇති බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ දේහයන් සියඹලාණ්ඩුව මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (01) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ මොනරාගල පොලීසිය විසින් සිදු කරයි.

මොනරාගල - ඇතිමලේ නයන 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 October 2015 15:35