May 02, 2024

කොටදෙණියාව දැරියගේ ඝාතනය: සිසුවාත්, මුල් සැකකරුත් නිදහස් 

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කර තිබේ.

ඒ අනුව සේයා සඳෙවිමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි පාසල් සිසුවා සහ 33 න් හැවිරිදි එක්දරු පියා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ. 

ඔවුන්ට එරෙහි සාක්ෂි නැති නිසා ඔවුන් නිදහස් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව එම දෙදෙනා උසාවියට කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද පෙරවරුවේ නියෝග කළේය.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ DNA සාම්පල ඝාතනයට අදාළව නොගැළපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

සැකකරුවන් ඉදිරපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසූවේ,  DNA සාක්ෂි නොගැලපෙන්නේ නම් ඔවුන්ට එරෙහිව වෙනත් සාක්ෂිද නොමැති බව ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 October 2015 10:17