May 02, 2024

ළමා දූෂණවලට එරෙහිව පාසල් සිසුන් උද්ඝෝෂණයක 

අදට (01) යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් ළමා දූෂණවලට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

ආරයම්පදි මහා විද්‍යාලය හා කාත්තාන්කුඩි අන්නාසර් විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණ 02 ක් පවත්වා තිබේ. ඒ සඳහා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගී වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

එහි දී ප්‍රධාන මාර්ගය ඔස්සේ ළමා දූෂණවලට එරෙහිව දැනුවත් පෙළපාලියක් ද පැවැත් විය. ළමා දූෂණවලට එරෙහි අත් පත්‍රිකා ජනතාවට බෙදා දුන් අතර, පොදු ස්ථානවල ළමා දූෂණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ  ස්ටිකර් අලවා තිබේ.

මඩකලපුව - ජවුෆර්කාන්

Rate this item
(0 votes)