May 05, 2024

බියර් ආයතනය අසල නාදුනන මළ සිරුරක් 

බියගම බියර් ආයතනය අසල කැළණි ගගේ නාදුනන පිරිමි මළ සිරුරක් ඇති බවට ඊයේ (24) පස්වරුවේ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 

රූප විස්තර - වයස අවුරුදු 35-40ක් පමණ වන අතර උස අඩි 05 අගල් 05, කළු ටී සර්ට් එකක් හා කොට කලිසමක් ඇද සිටී. මෘතශරීරය රාගම රොහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

බියගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

Rate this item
(0 votes)