May 05, 2024

නාන්න ගිය තරුණයා අතුරුදන්

නෙළුව, දෙල්ලව මාර්ගයේ නෙළුව වයින් ස්ටෝර්ස් අදල ගිං ගගේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන්වී ඇති බව පොලීසිය පවසයි. 

ඊයේ (24) පස්වරුවේ දී මෙම තරුණයා අතුරුදහන්වී ඇති බවට ලද තොරතුරක් මත ගාල්ල නාවික හමුදා කදවුරේ සහාය ලබාගෙන එම තරුණයා සෙවීමේ කටයුතු සිදු කරන බව නෙළුව පොලීසිය සඳහන් කරයි.

අතුරුදහන්වූ පුද්ගලයා වයස අවුරුදු 23ක්වූ දෙල්ගහ ඇල, දෙල්ලව ලිපිනයේ පදිංචි අමුවිට ගමගේ සුපුන් ප‍්‍රනීත් ජනරංජන නැමැත්තෙකි. 

අතුරුදහන්වූ අය සෙවීමේ කටයුතු ප‍්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව සිදුකරන අතර ගාල්ල නාවික හමුදා කදවුරට දැනුම්දී ඇත. නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Rate this item
(0 votes)