May 20, 2024

මන්ත්‍රී චතුර සේනාරත්නට නොතීසි

September 16, 2015

පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට ලබන ඔක්තෝබර් 20 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.

ගම්පහ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ හා චතුර සේනාරත්න මහතාගේ ආධාරකරුවන් අතර රාගම ගුවන් පාලම අසළ පිහිටි රෝහල් රථගාලේ හටගත් ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි තරුණයින් 05දෙනකුට පොලිස් සිර මැදිරිය අසලට පැමිණ මරණීය තර්ජනය කිරීම සහ රාත්‍රී කාර්ය භාරයේ සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.

එම සිද්ධිය පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට නොතීසි නිකුත් කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා ඔක්තෝම්බර් මස 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට අධිකරණය විසින් නොතීසි නිකුත් කළ බව පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා චතුර සේනාරත්න යන අයගේ ආධාරකරුවන් පිරිසක් ගැටීමෙන් තිදෙනෙකු මේවන විටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

Rate this item
(0 votes)