May 20, 2024

මන්ත්‍රී චතුර සේනාරත්නට එරෙහිව අගමැති කාර්යාලයට සංදේශයක් 

September 16, 2015

පාර්ලිමේන්තු මනිත්‍රීවරයෙකු වූ චතුර සේනාරත්න මහතා නීතිමය නොවන සමිතියක් සාදා පිටකොටුව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්ගෙන් අයථා ලෙස දිනකට රුපියල් 200 බැගින් මුදල් අය කිරීමට එරෙහිව එය නවත්වන ලෙස ඉල්ලමින් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඇතුළු වෙළෙඳුන් පිරිසක් ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශයක් භාර දී තිබේ.

චතුර සේනාරත්න මහතා වෙළෙඳසැල් ලබා දෙන බව සඳහන් කරමින් පදිකවේදිකා වෙළෙඳුන්ගෙන් දිනකට රුපියල් 200 බැගින් මුදල් අයථා ලෙස එක් කරන බවත් එය මුදල් ගරා ගැනීමක් බවත් ඒ පිළිබඳ අදහස් දැක් වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසී ය.

යහපාලනයට මුවාවී චතුර සේනාරත්න මහතා ඇතුළු මැර පිරිසක් විසින් මෙය සිදු කරන බවත් මෙය රට තුළ සිදුවන දැවැන්ත මුදල් වංචාවක් බවත් මේ පිළිබඳ වගකිව යුතු බලධාරීන් දැනුවත් කළ ද ඵලක් නොවූ බවත් ඔහු සඳහන් කළේ ය.

මෙම මුදල් ජාවාරම වහා නැවැත්විය යුතු බවත් මෙම මන්ත්‍රීවරයා මෙලෙස වෙළෙඳුන්ගෙන් මුදල් එකතු කර මුදල්වලට සිදු කරන්නේ කුමක් ද යන්න සොයා බැලිය යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා මැදිහත් වී නැවැත්විය යුතු බවත් එය එසේ නොවන්නේ නම් ඊට එරෙහිව උද්ඝෝෂණයක් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේ ය.

මොරටුව - ඉන්දික මනෝජ්

Rate this item
(1 Vote)