May 20, 2024

කෙහෙලිය බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසම හමුවට 

September 16, 2015

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ. 

ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ගෙවිය යුතු මුදල් නෙගෙවීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබා දීම සඳහා රඹුක්වැල්ල මහතා කොමිසම වෙත පැමිණ ඇති අතර මේවන විට ප‍්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ඊට අමතරව මෙම සිද්ධියටම ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද දහවල් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම කොමිසම වෙත පැමිණීමට නියමිතය. 

 

Rate this item
(0 votes)