May 20, 2024

කොටදෙණියාව දැරිය ඝාතනයේ පරීක්ෂණ CIDට  

September 16, 2015

කොටදෙණියාව දැරිය ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව පොලීසිය පවසයි.

පසුගිය 11 වැනි දා රාත්‍රීයේ දෙමව්පියන් සමග නිවසේ නිදා සිටියදී අතුරුදන් වූ 5 හැවිරිදි සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසු දා සොයා ගැනුණේ නිවස අසල පිහිටි ඇළ ඉවරක තිබියදී ය.

ඝාතනයට ලක්වූ දිවුලපිටිය - කොටදෙනියාවේ දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(15) සිදුකිරීමෙන් පසු දැරියගේ නිවසට රැස්වූ අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් එහි දීර්ඝ වේලාවක් රැඳී සිට තිබේ. 

එහිදී කළහකාරී අයුරින් හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුට දැඩිව අවවාද කළ බව පොලීසිය ප්‍රකාශ කළේය. දහසකට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් අවමංගල කටයුතුවලින් අනතුරුව දැරියගේ නිවස අවට රැඳී සිටි බව වාර්තාවේ.

සේයා සදෙව්මි දැරියගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ බඩල්ගම - අකරන්ගහ පොදු සුසානභූමියේදිය.

මේ වනවිට දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳව පොලිස් පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය මේ වනවිට යොමුව ඇතැයි වාර්තා වේ. 

Rate this item
(0 votes)