May 20, 2024

'පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් ගැනීම ගැන පනතේ නෑ' - ඩීව් (VIDEO)

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධයෙන් 1988 ඉදිරිපත් කළ 14 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කිසිවෙකුට තවමත් අවබෝධයක් නොමැති බවත් මේ පනතේ පරාජිත අය ගේන කතාවක් කොහෙවක්වත් නොමැති බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර මහතා පවසයි.

ජාතික ලැයිස්තුවේ පත් කිරීම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩීව් ගුණසේකර මහතා පැවසුවේ, 

“අපි හොයාගත්ත පර්යේෂණ වලින් මේ පනත ගැසට් කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව කුමක්ද කියලා තාම කවුරුවත් දන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි ඉල්ලා හිටියා. සහතික පිටපතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව ඒක ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ පනත සකස් කළේ, පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක නිර්දේශයන් පදනම් කරගෙන. මේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන්ගේ තිබෙන අවශ්‍යතාවය කුමක්ද? එක් කණ්ඩායමක් 196 ක් අපි තෝරාගන්නවා දිස්ත්‍රික්ක පදනමින් දෙවර්ගයක් මේකට එනවා. මූලික ඒ අවශ්‍යතාවය යටපත් කරගනිමින් තමයි දැන් මේ පාර විශාල වශයෙන් ඒ දිස්ත්‍රික් අනුපාතයෙන් තේරෙන්න පත්වෙන්න බැරිවුන අය ජාතික අනුපාතයට ගෙනල්ලා ඒකට පත්වීම කළේ. මේ පනතේ කොහෙවක්වත් නැහැ පරාජිත අය ගේන කතාවක්.“

මේ අතර ජාතික ලැයිස්තුවට පරාජිත මන්ත්‍රීවරුන් ඇතුළත් කිරීමට එරෙහිව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍ර පරීශ්‍ර‍යේ සත්‍යග්‍රහයක නිරත විය.

 

Rate this item
(0 votes)