May 20, 2024

මානව හිමිකම් වාර්තාව අද ජිනීවා සමුළුවට (VIDEO)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව මෙරට වේලාවෙන් අද(16) පස්වරු 2.00ට ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන බව ජගත් සංවිධානය සඳහන් කර තිබේ. 

මේ අතර මෙම වාර්තාව පිළිබඳව ලබන 30 වනදා ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එහිදී අද ඉදිරිපත් වන වාර්තාව සැළකිල්ලට ගෙන ඊට අදාළව සවිස්තරාත්මක ප්‍රතිචාර දැක්වීමක් සිදුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක රවීනා ෂාම් ඩේසානි අද ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.

2002- 2001 යන කාලයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ විමර්ශන එම වාර්තාවේ අඩංගුවන බවත් එහි සොයා ගැනීම් ඉතා බරපතල ඒවා බවත් ඇය සඳහන් කළාය. 

කෙසේ වෙතත්, ඊට පිළිතුරුදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් සැලසෙන වාර්තා වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)