May 20, 2024

කාන්තා හා ළමා හිංසන දුරකථන සේවාව පැය 24 පුරාම විවෘතයි

September 16, 2015

කාන්තා හා ළමා හිංසනයන් පිළිබඳව දැනුම්දීම සඳහාම වෙන් වූ නිදහස්‌ සෘජු දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ (15) කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් චන්ද්‍රණි බණ්ඩාර මහත්මිය පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය විය.

මෙම දුරකතන සේවාව කාන්තා හා ළමා කාර්යාංශයෙන් ක්‍රියාත්මක වන අතර මේ අනුව ළමා හිංසන දැනුම්දීම සඳහා 1929 අංකය සහ කාන්තා හිංසන දැනුම්දීම සඳහා 1938 අංකය පැය 24 පුරාම භාවිත කිරීමේ හැකියාව ලැබේ.

පසුගිය කාලයේ දී මෙම ක්‌ෂණික දුරකථන සේවා ක්‍රියාත්මක වූයේ පෙරවරු 8.00 සිට සවස 4.00 දක්‌වා පමණි.

Rate this item
(0 votes)