May 09, 2024

බිරිද ගෙන්වා දෙන්නැයි ඉල්ලා සැමියා දරු දෙදෙනා සමග උපවාසයක 

September 13, 2015

සංචාරක වීසාවලට ගෘහ සේවයට ඩුබායිවලට යැවූ සිය බිරිද ගෙන්වා දෙන්නැයි ඉල්ලා දරු දෙදෙනා සමග පියෙකු විදේශ රැකියා උප නියෝජිතයකුගේ නිවසක් ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.

ගලේවෙල, මිගහයාය දේවහුව පදිංචි චන්දන රුවන් මහතා සිය තුන් හැවිරිදි දියණියත්, හය හැවිරිදි පුතා ද සමග දේවහුව හිනුක්ගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයකට කාන්තාවන් සොයා දෙන නියෝජිතයකුගේ නිවස ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කර ඇත.

පී. එම්. අනුෂා කුමාරි දිසානායක සිය බිරිද මිට මාස තුනකට පෙර ගෘහ සේවය සදහා යවා ඇත්තේ ගලේවෙල පිහිටි විදේශ රැකියා ආයතනයකිනි. ඇය දැනට ඩුබායි හි රැකියා නියෝජිත කාර්යාලයක රදවාගෙන නිවෙස්වල සේවයට යොදා එම අය මුදල් උපයා ගන්නා බවත් ඇයට වදහිංසා කරන බවත් සැමියා කියයි. මේ පිළිබදව තමන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කිරීමෙන් හෙළිව ඇත්තේ තම බිරිද නියම ක්‍රියා පටිපාටියෙන් තොරව සංචාරක විසාවලට විදෙස් ගත කර ඇති බවයි.

බිරිද විදේශ රැකියාවකට යැවීමට තීරණය කළේ දරුවන්ට කුඩා හෝ නිවසක් හදා ගැනීමට බවත් එහෙත් හොරට යවන බවක් නොදන්නා බවත් ඔහු කියයි. තමන් මේ පිලිබදව ගලේවෙල පොලිසියට අවස්ථා ගණනාවක් පැමිණිලි කර තිබෙන බවත් සාධාරණයක් ඉටු නොවූ නිසා බිරිද නැවත ගෙන්වා දෙන තුරු විරෝධය පවත්වා විදේශ රැකියා නියෝජිත කාර්යාලය ඉදිරිපිට සිය ජිවිත විනාශ කර ගන්නා බවත් හෙතෙම කියයි. කාන්තාවන් රවටා හොරට රට යවන ජාවාරම නවතා දෙන්නැයිද ඔහු රජයෙන් ඉල්ලීමක්ද කරයි.

තමන් මෙම උපවාසය කරදී ගලේවෙල පොලිසියෙන් පැමිණ තමන්ට  පොලිසියට එන ලෙස දන්වා එහි ගියාට පසු රැකියා නියෝජිතයන් එන තුරු බව පවසා සවස් වනතුරු පොලිසියේ තබාගෙන නැවත පසුදා පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් ඔහු කියයි.

(කාංචන කුමාර ආරියදාස )

 

Rate this item
(0 votes)