May 09, 2024

ඇමති මංගල හා මානව හිමිකම් මහ කොමසාරිස් අතර හමුවක්

September 13, 2015

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අතර විශේෂ හමුවක් අද (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී පැවැත්වේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගී වීමට ජිනීවා නුවරට ගිය අතරවාරයේ දී අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේදී මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවන බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී ය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.

Rate this item
(1 Vote)