May 09, 2024

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

September 13, 2015

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළැඳවීම ඊයේ (12) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිළ නිවසේදී සිදු කෙරිණ. 

ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ උප සභාපති ඩබ්ලිව්.ඒ.එල්. වීරසිංහ මහතා පළමු කොඩිය ජනාධිපතිවරයාට පැළැඳවීය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ අනුශාසක පූජ්‍ය තීනියාවල පාලිත හිමි, උප සභාපති පූජ්‍ය අංගුන බදුල්ලේ ඥානදස්සී හිමි, බන්ධනාගාර කොමසාරිස් ඩබ්ලිව්. ඒ. එල්. වීරසිංහ මහතා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා  ඇතුථ සුබසාධක සංගමයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Rate this item
(0 votes)