May 09, 2024

ගූගල් නිසා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අවුලක් 

September 12, 2015

පසුගිය දා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ශ්‍රී පාදස්ථානය අයත්වන්නේ කුමන පළාතටදැයි ප්‍රශ්නයක් විමසා තිබිණ.

ඊට පිළිතුරු ලෙස සිසුන් සබරගමු සහ මධ්‍යම පළාත් දෙකම නම් කර ඇති බවත්, ගූගල් සිතියමට අනුව එය මධ්‍යම පළාතට අයත් බවත්, මිනුම් දෙපාර්තමේන්තුවට අනුව එය සබරගමු පළාතට අයත් යැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ශ්‍රී පාදස්ථානය අයත්වන්නේ සබරගමු පළාතට බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

ගූගල් සිතියමේ එය මධ්‍යම පළාතේ ලෙස සටහන්වන බැවින්  මධ්‍යම පළාත ලකුණු කළ සිසුනට ද ලකුණු දීමට තීරණය කළ බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී පාදස්ථානය පිහිටි භූමිය පරිපාලනමය වශයෙන් අයත්වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට ය. ඒ අනුව සබරගමුව පළාත නිවැරදි පිළිතුර විය යුතු ය. 

කෙසේ වුව ද ශ්‍රී පාදස්ථානය අයත්වන්නේ කුමන පළාතටදැයි ගූගල් සිතියමේ පැහැදිලිව හෝ නිශ්චිතව දක්වා නොමැත. ශ්‍රී පාදස්ථානය ළංකර බැලීමේදී ගූගල් සිතියමේ පළාත් මායිම් දක්නට ලැබෙන්නේ ද නැත.

Rate this item
(0 votes)