May 10, 2024

ආයුර්වේද සම්බාහනයට මුවා වී කළ ගණිකා ජාවාරමක් හෙළි වේ

September 12, 2015

තලංගම ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 07 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිමි පුද්ගලයා එහි හිමිකරු ය. එහි සිටි කාන්තාවන් වයස අවුරුදු 20 සිට 25 වයසේ පසුවන තලංගම, මොරටුව, පාදුක්ක, හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තා වේ.

මෙම ගණිකාවන් ඇසුරු කිරීම සඳහා රුපියල් 3000 සිට මුදල් අය කර ඇති අතර මෙය කාලයක් පුරා පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබේ.

සැකකරුවන් අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරටුව - ඉන්දික මනෝජ් 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 September 2015 12:09