May 09, 2024

පළාත් පාලන මැතිවරණයට තරග කරන හැටි සෝමවංශ පැහැදිලි කරයි

September 12, 2015

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ආණ්‌ඩු විරෝධී සියලු දේශපාලන බලවේග එකට ඒකරාශී කරගෙන අලුත් දේශපාලන පෙරමුණක්‌ ලෙස තරග කිරීමට ජනතා සේවක පක්ෂය තීරණය කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

වැඩිදුර අදහස් දක්වන සෝමවංශ අමරසිංහ මහතා "මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබඳ සහ ඔවුන් සමග සන්ධානගත වී සිටින දේශපාලන පක්ෂ පිළිබඳ විශ්වාසයක්‌ නොමැති බව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලයක්‌ ලබා නොදීමෙන් පැහැදිලි වෙනවා."

"දැන් මේ රටේ ජනතාව නැවතත් ඉල්ලන්නේ පැහැදිලි සැබෑ වෙනසක්‌ රට තුළ ගොඩනැගිය හැකි දේශපාලන බලවේගයකුයි. ඒ හිඩැස පුරවන්න අපි සූදානම්."

"මේ වනවිටත් රටට ආදරය කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක්‌ සමග අප සාකච්ඡා කර තීන්දු තීරණ ගණනාවක්‌ අරගෙන තිබෙනවා. අපේ අරමුණ මේ රට ගොඩනැගීමේ ජාතික සටන ගමෙන් ආරම්භ කිරීමටයි."

"මෛත්‍රී - රනිල් හවුල් ආණ්‌ඩුව රාජපක්ෂ ආණ්‌ඩුවේ ෆොටෝ කොපියක්‌ විතරයි. මාරුවෙලා තියෙන්නේ ඔළුගෙඩි විතරයි" යනුවෙන් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 11:36