May 03, 2024

තමාට චෝදනා කරන්නේ ඊර්ෂ්‍යාවට බව දියවඩන නිලමේ කියයි

September 12, 2015

තමන් දියවඩන නිලමේ තනතුරට පත්වන්නට පෙර සිටම ඇතැම් පුද්ගලයින් විවිධ චෝදනා කරමින් තමන්ට අපහාස සිදු කරන්නට දරන උත්සාහය පිළිබඳ තමන් මහත් සේ කම්පාවට පත් ව සිටින බව ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

වැඩිදුර අදහස් දක්වන දියවඩන නිලමේ නිලංග දෑල මහතා "මෙවර පැවැති දියවඩන නිලමේ නිලවරණය සඳහා මම ඉදිරිපත්වන බව දැනගත් මොහොතේ සිටම ඇතැම් අය මට මඩ ගහන්න පටන් ගත්තා. තැන තැන කතා කරලා මට චෝදනා නොකර මම වරදක්‌ කරලා නම් නියමිත ආයතනවලට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නොකර තැන තැන චෝදනා කරන්නේ ඊර්ෂ්‍යාවට" යනුවෙන් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 10:54