May 03, 2024

ගීතාගේ පුරවැසිභාවය ගැන පරීක්ෂණයක්

September 12, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විමර්ශණයක් පවත්වන ලෙස ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ද වාර්තා වේ.

මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් පොලීසිය වාර්තා දෙකක් කැඳවා ඇතැයි සඳහන් වේ.

Rate this item
(2 votes)