May 03, 2024

මිනුවන්ගොඩ ඩිෆෙන්ඩර් අනතුරේ බස් රියදුරන්ට ඇප - රියදුරු බලපත්‍රයත් අත්හිටුවයි 

September 11, 2015

මිනුවන්ගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවු ජනාධිපති ආරක්ෂක අංශ ඩිෆෙන්ඩර් රිය අනතුරට අදාළ පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මත නිදහස් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි.‍

මේ අතර එම බස් රථ රියදුරන් දෙදෙනාගේ රියදුරු බලපත්‍රය අත්හිටුවිමට ද අධිකරණය නියෝග කර ඇති බව පොලීසිය පැවසී ය.

සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන දින යළි කැඳවීමට නියමිතය.

බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරූ ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් ඊයේ(10) සිදු වූ අනතුරින් ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලැබූහ.

 

Rate this item
(0 votes)