May 03, 2024

විමල්ගේ බිරිඳගේ නඩුව කල් යයි

September 11, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ව්‍යාජ ලිපි ලේඛන සකස්කොට හැඳුනුම්පත් සකස් කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ නඩුව අද(11) කැදවු අතර එය ජනවාරි 29 වැනිදා යළි කැඳවන බව කොළඹ මහේස්ත්‍රාත්වරයා අද ප්‍රකාශ කළේය.

මෙම නඩු විභාගය අද කැඳවූ අතර රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවට අදාළ ලිපි ලේඛන සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට කාලයක් අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

නීතිපති උපදෙස් ලැබෙන තෙක් නඩු විභාගය කල්දමන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව නඩුව යළි කැඳවීම ලබන වසරේ ජනවාරි 29 වන දින දක්වා කල්දැමා ඇත.

 

Rate this item
(0 votes)