May 04, 2024

ලුම්බිණියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක් 

September 11, 2015

නැවත දැනුම් දෙන තුරු ලුම්බිණි සිද්ධස්ථානය වන්දනා මාන කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලාංකික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

එරට නව ව්‍යවස්ථාවට එරෙහිව විරෝධතා රැල්ලක් පැන නැගීම හේතුවෙන් මෙය සිදු කරන බව වාර්තා වේ.

මෙම විරෝධතා හේතුවෙන් ලුම්බිණිය වන්දනා මාන කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු පමණ සිර වී සිටි අතර ඔවුන් අද (11) පෙරවරුවේ නැවත ඉන්දියාවට රැගෙනවිත් තිබේ.

නේපාලයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට 00 977 147 20 213 යන දුරකතන අංකය අමතන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටී.

නේපාලයේ ලුම්බිණියේ පවත්නා විරෝධතා හේතුවෙන් ලුම්බිණි වන්දනාවේ නොඑන ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය උපදෙස් දෙයි.

Rate this item
(0 votes)