April 27, 2024

මුව මස් හා වල් ඌරු මස් තිබූ අවන්හලක දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

September 10, 2015

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (10) සූරියවැව නගරයේ අවන්හලක් තුළ සිදුකළ වැටලීමක දී මුව මස් හා වල් ඌරු මස් කිලෝ 35 කට අධික ප්‍රමාණයක් සමග අධි ශිතකරණයක් හා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අවන්හල් හිමිකරු සහ එහි කෝකියා ලෙස සේවය කළ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ආහාර සඳහා පිසීමට අධිශීතකරණය තුළ තිබු මස් අතර නරක් වූ මස් ද තිබු බව වනජීවී නිලධාරීහු පවසති. අත්අඩංගුවට පත් සැකකරුවන් අද (10) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

හම්බන්තොට - රාහුල් සමන්ත

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 17:12