April 27, 2024

තවත් නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් - හිටපු අගමැති පුතුටත් නියෝජ්‍ය ඇමතිකමක් (PHOTOS)

September 10, 2015

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (10) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති ලෙස ද, දුෂ්මන්ත මිත්‍රපාල මහතා බුද්ධ ශාසන හා අධිකරණ නියෝජ්‍ය ඇමැති ලෙස ද දිවුරුම් දුන්හ.

ජයරත්න මහතා හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයා ය.

ඊයේ (09) දිනයේදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන්නද  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා හා දුෂ්මන්ත මිත්‍රපාල මහතා එම අවස්ථාවට සහභාගී වී නොසිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 14:36