April 27, 2024

ආරක්ෂකයාට වෙඩි තබා හංවැල්ලේ බැංකුවක් කොල්ල කයි 

September 10, 2015

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් හංවැල්ල මහජන බැංකු ශාඛාවට කඩා වැදුණු කොල්ලකරුවන් සිව් දෙනෙක් එම බැංකුවේ ආරක්ෂකයාට වෙඩි තබා මුදල් කොල්ල කා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (10) පස්වරුවේ මෙලෙස කඩා වැදි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 15 ත් 20 ත් අතර මුදලක් රැගෙන පළා ගොස් ඇතැයි වාර්තා වේ.

මුහුණු අවාරණය කරගෙන පැමිණි මෙම පුද්ගලයින් බැංකුවේ සේවකයින්ගෙන් ඉදිරිපස කවුන්ටරයේ තිබූ මුදල් කොල්ල කා  සේප්පුවේ යතුර ඉල්ලා තිබේ.

යතුරුපැදි 02 කින් ටී56 අවි ත්‍රිත්වයක් ද සමගින් පැමිණි මෙම මංකොල්ලකරුවන් එක් යතුරු පැදියකින් පළා ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

කළුතර - බිමල් ශ්‍යාමන්

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 14:03