April 27, 2024

ඩිෆෙන්ඩර් රථයක් බස් රථ 2ක ගැටෙයි - ජනපති ආරක්ෂකයින් 4ක් මරුට 

September 10, 2015

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ දි අද (10) ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඩිෆෙන්ඩර් රථයේ පැමිණ ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් බවත් ඔවුන් නිකවැරටිගේ අවමංගල උත්සවයක් සඳහා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක් ව ඇති බවත් වාර්තා වේ.

ඩිෆෙන්ඩර් රථය පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක එම ඩිෆෙන්ඩර් රථය ගැටී තිබේ. ඉස්සර කර ගිය පෞද්ගලික බස් රථය ද පිටුපසින් පැමිණ ඩිෆෙන්ඩර් රථයේ ගැටී තිබේ.

පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේ දී ම මරණයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරු ව මරණයට පත් ව ඇත.

තුවාල ලැබූ පුද්ගලින් අතර කාන්තාවක් ද සිටින අතර ඔවුන්ගෙන් බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලෙන් ගම්පහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

කළුතර - බිමල් ශ්‍යාමන්

Rate this item
(0 votes)