April 27, 2024

රියැදුරු පුහුණුව ලබන කාන්තාවගේ රථයට පදිකයෙක් බිලි - 03 ක් රෝහලේ

September 10, 2015

බත්තරමුල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දී කාන්තාවක් පැද වූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් ඊයේ (09) පදිකයෙකු මරණයට පත් ව තිබේ.

එම කාන්තාවගේ සැමියා, පිරවුම් හලේ සේවකයින් දෙදෙනෙක් සහ තවත් පදිකයෙකු එම අනතුරින් තුවාල ලබා තිබේ.

කාන්තාවට මෝටර් රථය මාර්ගයට ගෙනවිත් දී ඇත්තේ සැමියා විසිනි. සැමියා - කාන්තාවට රියැදුරු අසුන භාර දී  පිටතට පැමිණ තිබේ. එක්වරම කාන්තාව රථය ඉදිරියට ගෙන ඇති අතර එය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදු ව ඇත.

මෝටර් රථයට පළමුව ගැටී ඇත්තේ ඇයගේ සැමියා ය. අනතුර ව යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටී තිබේ. එතැනින් නොනැවතුණු රථය මගියෙකු ද දවටාගෙන ඉන්ධන පිරවුම් හලේ නවතා තිබූ රජයේ කැබ් රථයක ද ගැටී තිබේ. 

රජයේ කැබ් රථය ඉන්ධන පිරවුම් යන්ත්‍රයක් පෙරළාගෙන ඉදිරියට ඇදී ගොස් තිබේ. පදිකයා තුවාල ලබා ඇත්තේ මෝටර් රථයට සහ කැබ් රථයට සිරවීමෙනි. බරපතල තුවාල ලබා සිටි ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරු ව මරණයට පත් ව තිබේ.

කාන්තාව රියදුරු පුහුණුව ලබන අයෙකු බව වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 13:09