May 02, 2024

මහින්ද සභාපති ධූරය බාර නොගනී  

September 09, 2015

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරය බාරගන්නා ලෙස තමාගෙන් ඉල්ලීමක් කර නොමැති බව හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් සිදු කළද තමා එම ධූරය බාර නොගන්නා බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිමට සූදානමක් ඇතැයි ඊයේ (08) මාධ්‍ය වාර්තා කර තිබිණි.

කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් හිමි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රමය හඳුන්වා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  මහ මැතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කරමිනි.

මැතිවරණ දිස්ත්‍රික් 22 ක් ජයග්‍රහණය කළ අනුපාතය අනුව එක්සත් ජාතික පක්ෂයට  සභාපති ධූර  14 ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 11 ද වශයෙන් හිමිවීමට නියමිතය.

Rate this item
(1 Vote)