May 03, 2024

විදේශ මුදල් තොගයක් ඩුබායි ගෙනයන්න හැදූ අයෙක් මාට්ටු

September 09, 2015

රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (08) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දෙමටගොඩ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර සෞදි රියාල් 70,000 ක්, කුවෙට් ඩිනාර් 360ක්, බහරේන් ඩිනාර් 80ක්, ජෝර්දාන් ඩිනාර් 25ක් සහ  ඕමාන් රියාල් 20 ක් තිබූ බව වාර්තවේ.

සැකකරුට රුපියල් 25000ක දඩයක් නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.

සැකකරු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ  407 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට පැමිණ තිබේ.

 

Rate this item
(0 votes)