May 03, 2024

ශෂීන්ද්‍ර රාජපක්ෂත් අද ජනාධිපති කොමිසම හමුවට

September 09, 2015

මහියංගනය නගරයේ පිහිටි රුපියල් කෝටි ගණනක්‌ වටිනා රජයේ ඉඩම් සිය හිතවතුන්ට බෙදා දුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අද (09) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත කැඳවා ඇතැයි වාර්තාවේ.

මහියංගනය නගරයේ තිබූ රජයේ ඉඩම් කීපයක්‌ම කිසිම ආකාරයක සැලසුමක්‌ නොමැතිව ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තම හිතවතුන් වෙත ලබා දී ඇති බවට හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එක්‌තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ 17 හැවිරිදි දියණියට පවා මහියංගනය නගරයෙන් ඉඩමක්‌ ලබා දී තිබෙන බව විමර්ශනවලදී හෙළි වී ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මහියංගනය නගරයේ පිහිටි ඉඩමක්‌ ද තම හිතවතුන්ට ලබා දී ඇති බවට හිටපු මහ ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

 

Rate this item
(0 votes)