May 03, 2024

අමාත්‍යංශ 44 කට පත්වූ ලේකම්වරුන් මෙන්න

September 08, 2015

නව අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් 44 දෙනෙකු පත්කිරීම අද (08) පස්වරුවේ ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ලේකම්වරුන් ජනාධිපති ලේකම්වරයාගෙන් පත්වීම් ලබාගත් බවත්, මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තාවේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති ලැයිස්තුවේ අමාත්‍යංශ 45 කට අදාළ ලේකම්වරුන් අංකනය කර ඇති මුත් අංක 03 යටතේ පවත්නා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය පුරප්පාඩුව පවතින බව දැක්වේ.

ඒ අනුව අද පත්වීම් ලැබූ ලේකම්වරුන් 44 දෙනාගේ සම්පූර්ණ නම් ලැයිස්තුව පහත පරිදිය.

1. වී.සිවඥානසෝති මහතා - පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා  හින්දු ආගමික අමාත්‍යාංශය 

2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා - මුදල් අමාත්‍යාංශය

3. එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතා - කම්කරු හා වෘත්තිය සමිති සබ`දතා  අමාත්‍යාංශය

4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව මහතා - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය

5. ඩබ්ලිවි.එම්.බන්දුසේන මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

6. පී.කේ.ඩී.අමරවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය

7. උදය ආර්.සෙනවිරත්න මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

8. නිහාල් සෝමවීර මහතා - ප්‍රවාහන අමාත්‍යාංශය

9. ඩබ්ලිව් .එස්.කරුණාරත්න මහත්මිය - ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද  අමාත්‍යාංශය

10. වසන්ත ඒකනායක මහතා - බුද්ධ ශාසන අමාත්‍යාංශය

11. පීි.එච්.එල්.විමලසිරි පෙරේරා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම්  ආගමික කටයුතු අමාත්‍යාංශය

12. පී.එච්.ජේ.බී.සුගතදාස මහතා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි  ආගමික කටයුතු අමාත්‍යාංශය

13. පී.එස්.විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය

14. එස්.එස්.මියනවල මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය  අමාත්‍යාංශය

15. පද්මසිරි ජයමාන්න මහතා - අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය

16. ආර් .එම්.ඩී.බි.මීගස්මුල්ල මහතා -  තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය 

17. වී.බී.පී.කේ.වීරසිංහ මහත්මිය - ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය

18. උපාලි මාරසිංහ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශය

19. ගාමිණි රාජකරුණා මහතා - දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

20. ඒ එම් ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක මහතා- ක්‍රීඩා අමාත්‍යාංශය

22. බී.විජයරත්න මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය

23 ජේ. ජේ. රත්නසිරි මහතා  - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

24  ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

25 එල්. පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය

26 එම්. අයි. එම්. රාෆික් මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය

27 ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා - ඉඩම් අමාත්‍යාංශය

28 ජේ. දඩල්ලගේ මහතා  - රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබඳ අමාත්‍යාංශය

29 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය  -  ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය

30 ආර්. නඩරාසාපිල්ලේ මහත්මිය -  කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

31  ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා  -  කර්මාන්ත හා වානිජ කටයුතු

32  සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය

33 එන්. රූපසිංහ මහතා -  මහ නගර හා බස්නාහිර සංවර්ධන 

34 කරුණාසේන හෙටිටිආරච්චි මහතා - ආරක්ෂක අමාත්‍යාංශය

35 පී. රණේපුර මහතා  - නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය

36  ඩී. ස්වර්ණපාල මහතා -  අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය

37 එම්. සෙනෙවිරත්න මහතා  - සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය

38 ආර්. විජය ලක්ෂ්මි මහත්මිය  -  තාක්ෂණ , තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය

39 ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මහත්මිය -  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

40 ඩී. සී. දිසානායක මහතා  - විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය

41 ඩබ්. කේ. කේ. අතුකෝරළ මහත්මිය -  නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය

42 ජගත් විජේවීර මහතා  -  නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

43  චන්ද්‍රානි සේනාරත්න මහත්මිය  -  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

44 රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා -  රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

 

 

 

Rate this item
(0 votes)