May 03, 2024

වෙරළ ඛාදනයෙන් නිවාස රැසකට හානි - තවත් නිවෙස් රැසක් අනතුරේ (PHOTOS)

September 08, 2015

රත්මලාන වෙරළ තීරයේ සිදු ව ඇති වෙරළ ඛාදනය හේතුවෙන් එම වෙරළ තීරයේ පිහිටි නිවාස වෙරළට ගසාගෙන යාම හේතුවෙන් නිවාස බොහෝ ප්‍රමාණයකට දැඩි අලාභ හානි සිදු ඇත.

දිනෙන් දින සිදුවන මෙම වෙරළ ඛාදනය හේතුවෙන් ඇතැම් නිවාස  ගසාගෙන ගොස් ඇතැම් පුද්ගලයින්ට උන්හිටි තැන් ද අහිමි ව ඔවුන් එම ප්‍රදේශය අතහැර ගොස් ඇති බව ද රත්මලාන වෙරළ තීරයේ පදිංචිකරුවෝ පවසති.

එමෙන් ම රත්මලාන වෙරළ තීරයේ ජීවත්වන නිවාස හිමියන්ගේ ජීවිත ද දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

එම ප්‍රදේශවාසීන් මුහුණ පා ඇති මෙම අවදානම් තත්ත්වය පිළිබඳ ඔවුන් දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ, රත්මලාන ප්‍රාදේශීය සභාවේ සහ රජයේ ඉහළ බලධාරීන් දැනුවත් කළ ද එම බලධාරීන් මෙම ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මොරටුව - ඉන්දික මනෝජ් 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 08:58