May 07, 2024

තාජුදීන්ගේ දුරකතනය නුවරඑළියෙන් හමු වේ

September 08, 2015

ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ජංගම දුරකථනය නුවරඑළිය - ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබේ.

2012 වසරේ තාජුඞීන් මහතාගේ මරණයට සම්බන්ධ රිය අනතුරේදී කිසියම් පුද්ගලයෙකු මෙම ජංගම දුරකථනය අසුලාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්නයේ වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන ඇති බවත් පසුව ඔහුගේ පුත්‍රයාට ලබාදී ඇති බවත් හෙළිදරව් කරගෙන ඇති අතර ජංගම දුරකථනය ලබාගත් පුද්ගලයා ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ කේත අංකය මාර්ගයෙන් එය හඳුනා ගැනීමට හැකිව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර අැත්තේ.

එමෙන්ම මීට සති තුනකට පෙර අදාළ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගනු ලැබූ බවත් ඔහු කියා සිටියේ ය. 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 September 2015 12:04