May 07, 2024

ඇමතිධුරයෙන් ඉවත්වීමේ සිදුවීමක් ගැන ඇමති දයාසිරි කියයි (VIDEO)

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් පිළිබඳ බොහෝ කාලයක සිට කතා කරන දෙයක් බවත් සියලු අමාත්‍යවරුන් පැමිණ සඳහන් කරන්නේ ජාතික ප්‍රතිපත්තියක් හදන බවත් යනුවෙන් නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. 

ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාව නොලැබුණහොත් ධුරයෙන් ඉවත්වන බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හදන ක්‍රියාව එක අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නොවන බවත් ඔහු පැවසී ය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (07) සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

ඉකුත් කාලයන්හි හිටපු අමාත්‍යවරු ද ඒ සඳහා වෙහෙස මහන්සි වී ක්‍රීයා කළ බවත් තමාගේ අවුරුදු 02 ක කාල සීමාව තුළ දී ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය එළි දැක්වීම සඳහා දිවා රෑ නොතකා ක්‍රියා කරන බවත් එය තමාගේ පළමු කාරණයක් බවත් ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(1 Vote)