May 07, 2024

'හමුදාවේ හෝටල් උතුරේ වැසියන්ට ඉඩම් අහිමි කරලා' - හර්මන් කුමාර

September 08, 2015

1990 වසරේදී අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ 30,000ක් පමණ වැසියන් තවමත් නැවත පදිංචි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් යුධ හමුදාව විසින් උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්‍යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම් අහිමි වී ඇති බවත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සභාපති හර්මන් කුමාර මහතා පවසා ඇත.

යුද්ධය නිසා යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් අවතැන්ව සිටින පවුල් මුහුණ දෙන ගැට‍ළු සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක් වී සකස් කළ වාර්තාවක් එළිදක්වමින් ඔහු මේ අදහස් පල කළේ ය.

යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව එළිදක්වනු ලැබුවේ ‘අවතැන්වූ ජනතාවගේ සහ කාන්තා ගෘහ මූලික පවුල්වල ඉඩම් අයිතිය තහවුරු කරනු’ යනුවෙනි.

Rate this item
(0 votes)