May 17, 2024

මීළඟ ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහද? - අද සාකච්ඡාවක් 

September 07, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කළ මාවන් අතපත්තු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම තනතුරට චන්දික හතුරුසිංහ මහතා කැඳවීමට වැඩි ඉඩක් ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ නමුත් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

හතුරුසිංහ මහතා සමග මේ වනවිට සාකච්ඡා කර ඇති බවත් ඊට අමතරව කලක් ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා හා තවත් කිහිප දෙනෙකුගේ නම්ද නිර්දේශ වී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

හතුරුසිංහ මහතා මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ෆෝඩ් මහතා එංගලන්ත සරේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කෙසේ නමුත් ජාතික පුහුණුකරු තෝරාගැනීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර, මේ සම්බන්ධ තවදුරටත් සාකච්ඡාවක් අද (07) ප.ව. 5.00 ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ජාතික පුහුණුකරු ලෙස තෝරාගන්නා තැනැත්තාගේ නම යෝජනා වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)