May 17, 2024

මායාදුන්නේගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කාර්යාලයට ලැබී නෑ?

September 07, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය මේ වනතෙක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබී නොමැති බව වාර්තා වේ.

සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණු අතර ඔහු පාර්ලිමේන්තු පළමු සභා වාරයේදීම ඉල්ලා අස් විය. 

මේ වනවිට ඔහුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් බිමල් රත්නායක මහතාගේ නම යෝජනා කර තිබේ.

කෙසේ වුව ද මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වී ඇත්නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ලිඛිතව මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්වත් කළ යුතු වේ.

ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කරන ලෙස අදාළ පක්ෂයේ මහලේකම්වරයා වෙත දැනුම්දිය යුතුවන අතර ඒ සඳහා මසක කාලයක් ලබා දෙයි.

ඉන් අනතුරුව අදාළ නම මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගන්නේ නම් ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කෙරෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 11:03