May 17, 2024

යාල අද සිට මාසයක් වැසෙයි    

September 07, 2015

යාල ජාතික වනෝද්‍යානය අද (07) සිට ඔක්තෝම්බර් මස 07 වැනි දා දක්වා මාසයක කාලයක් සංචාරකයින් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රුහුණු (යාල) ජාතික උද්‍යානයට මේ වනවිට පවතින නියං සමය හේතුවෙන් එහි වෙසෙනවන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙලෙස වසා තැබෙයි.

සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවල දී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

 

Rate this item
(0 votes)