May 03, 2024

එජාපයේ 69 සැමරුම අදයි 

September 06, 2015

එක්සත් ජාතික පක්ෂයේ 69වන සංවත්සර උළෙල අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. 

මෙහිදී පංචවිධ ක්‍රියාවලිය යටතේ රටේ සිදු කිරීමට නියමිත දැවැන්ත සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ද නියමිතය.

පක්ෂ නායකයන්ට ද මේ සඳහා ඇරයුම් කොට ඇති අතර එජාප පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරු මෙන් ම ආසන සංවිධායකවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

Rate this item
(0 votes)