May 03, 2024

දින සියයේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමතිවරු 06ක්‌ නව කැබිනට්‌ මණ්ඩලයට නෑ 

September 06, 2015

පසුගිය දින සියයේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිධුර දැරූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 06 දෙනකුට පසුගිය 04 වැනි දා ඇමැතිකම් ලබාදීමේදී කැබිනට්‌ ඇමැතිධුර හිමිව නොමැත. 

ඒ අනුව ඒ. එච්. එම්. ෆවුසි, සරත් අමුණුගම, ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජිතමුණි සොයිසා, මහින්ද යාපා අබේවර්ධන හා ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන අය මෙලෙස ඇමැතිධුර නොලැබුවෝ වෙති.

මහින්ද යපා අබේවර්ධන හා ජනක බණ්‌ඩාර තෙන්නකෝන් යන මහත්වරු පසුගිය ආණ්‌ඩුවේ සිටියදී මහ මැතිවරණයට සති කිහිපයකට පෙර ඇමැතිධුර වලින් ඉල්ලා අස්‌විය.

ජනක බණ්‌ඩාර තෙන්නකෝන් හා මහින්ද යාපා අබේවර්ධන මහජන ඡන්දයෙන් තේරී පත්වූ අතර ඉතිරි සිව්දෙනා එජනිස ජාතික ලැයිස්‌තුවෙන් පත්විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 September 2015 09:05