May 02, 2024

යළිත් ජල කප්පාදුවක්!

September 05, 2015

සැප්තැම්බර් 08 වන දින රාත්‍රී 09 සිට පසුදින පෙරවරු 06 දක්වා  පැය 09ක කාලයක් තුළ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි ඔවුන් පවසන්නේ.

කළුඅග්ගල, හංවැල්ල, ගලගෙදර, පාදුක්ක, ගොඩගම, පනාගොඩ, හෝමාගම, පන්නිපිටිය සහ පැලැන්වත්ත ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවන අතර අදාළ කාලසීමාව තුළදී කොළඹ 08 , 09 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කොට ඇත.

Rate this item
(0 votes)