May 04, 2024

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමට කමිටුවක් - සුදුසු අය පත් කරන හැටි ජනපති කියයි 

September 04, 2015

රාජ්‍ය සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී තමාගේත් අගමැතිවරයාගේත් නිර්දේශ මත පොදු කමිටුවක් පත් කරන බවත් එම කමිටුව හරහා රාජ්‍ය ආයතනවලට සුදුසු පුද්ගලයින් පත්කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) ජනපති ලේකම් කාර්යාලයයේ පැවැති ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේ දී පැවසීය.

පත්වීම් ලබන්නන්ගේ සුදුසුකම්, ගුණාත්මක භාවය හා ප්‍රමිතිය පිළිබඳ සලකා බැලීමෙන් පසු පත්වීම් සිදු කරන බව ද ජනපතිවරයා පැවසී ය.

සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේ දී තමාගේත් අගමැතිගේත් නිර්දේශ මත පොදු කමිටුවක් පත් කරන හෙයින් එවැනි පත්වීම් ගැන ඉල්ලීම් සියල්ල එම කමිටුවට යොමු කරන ලෙස නව ඇමැතිවරුන්ගෙන් ජනපති ඉල්ලා සිටියේය.

“ආයතනවලට පත්කිරීම් කිරිමේදී ඒ කොමිටියෙන් පත්කරනවා. නමුත් ඇමතිවරුන්ට ඉල්ලිම් කරන්න පුලුවන්. වඩාත්ම සුදුසු පුද්ගලයින් පත්කිරිමට කටයුතු කරනවා. “ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)