May 04, 2024

දුම්රිය මග හරස් කර ජලය ඉල්ලා පිරිසක් විරෝධතාවයක 

September 04, 2015

දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට ජලය ලබා නොදෙන බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් දෙමටගොඩ ගුවන් පාලම යට දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වෙයි.

විරෝධතාව හේතුවෙන් අද (04) පෙරවරුවේ දුම්රිය ගමනාගමනය අඩාල වූ අතර රජයේ සේවකයින් ඇතුළු කාර්යාල සේවකයෝ ද, මගීහු ද අපහසුතාවට පත් වූහ.

මෙම ස්ථානය වෙත කැරලිමර්දන සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ද ආරක්ෂාව සඳහා කැඳැ වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

උද්ඝෝෂකයන් දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ බවත් මේ වනවිට විරෝධතාව සාමකාමී බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Rate this item
(0 votes)